නොසන්සුන් තත්ත්වයක්..වෙඩි තැබීමක්...මන්ත්‍රීවරයෙකු ඇතුලු 02ක් අත්අඩංගුවට.

Police jaffna Political
By Aruna Oct 04, 2021 08:55 AM GMT
Aruna

Aruna

Report

යාපනය කෝපායි පොලිස් වසමේ ඊයේ (03) රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුලු චෝදනා කිහිපයකට ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට චුන්නාකම් පොලිසිය පවසයි.

කෝපායි පොලිස් වසම සහ චුන්නාකම් පොලිස් වසම අතර පිහිටි උරෙලු ප්‍රදේශයේදී වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් යතුරුපැදියක් හිස් ආවරනයක් (හෙල්මට්) නොමැතිව ධාවනය කරවීම හේතුවෙන් ජංගම මුර සේවයේ නිරත පොලිස් නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාගේ යතුරුපැදිය නවතා රියදුරු බලපත්‍ර ඇතුලු ලියකියවිලි විමසා ඇත.

එහිදී උරණ වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් පොලීසිය සමග බහින්බස් වී රාජකාරියට බාධා කරමින් නොසන්සුන්ව කෑගැසීමෙන් අවට සිටි තවත් පිරිසක් පැමිණි පොලීසියට බාධා කිරීමේදී රාජකාරි සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් අහසට වෙඩි ප්‍රහාරයන් දෙකක් තබා තත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇත.

අනතුරුව එම ස්ථානයේ බොහෝ පිරිසක් රැස්ව සිටීම හේතුවෙන් නොසන්සුන්තත්වයක් ඇතිවීමේ අවධානම සලකා රැස්ව සිටි පිරිස් විසුරුවාහැරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් අද (04) උදෑසනම චුන්නාකම් පොලීසිය විසින් නොසන්සුන්ව පොලිස් රාජකාරියට බාධා කරන ලද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුලු තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අත ඔවුන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන චුන්නාකම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now