කෝ ලිව්වයි කියන ලිව්ම..ඇයි අපිට පෙන්නනේ නැතුව අරන් ගියේ..සිසුවියගේ මරණය ගැන පවුලේ ඥාතීන් ප්‍රශ්න කරයි..

By Piyumika Nov 12, 2024 07:48 AM GMT
Report

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ නිර්මාල් දිස්ත්‍රික්කයේ පිහිටි විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ 17 හැවිරිදි සිසුවියක් ඊයේ (11) සියදිවි හානිකර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය නේවාසිකාගාරයේ ගෙල වැලලාගෙන සිටියදී ඇයගේ මිතුරන් සොයා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ශ්‍රී ලංකා - පාකිස්ථාන ඒ කණ්ඩායම් ගැටෙන දෙවන දිනය අදයි..

ශ්‍රී ලංකා - පාකිස්ථාන ඒ කණ්ඩායම් ගැටෙන දෙවන දිනය අදයි..

“පවුලේ ප්‍රශ්න” නිසා සිසුවිය සියදිවි හානිකර ගන්නට ඇති බවටයි මූලික විමර්ශනයකින් හෙළි වී තිබෙන්නේ.

එහෙත් සිසුවියගේ පවුලේ ඥාතීන් ඇයගේ මරණය සම්බන්ධයෙන් සැක මතු කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් නේවාසිකාගාර සේවකයන් වගකිව යුතු බවට ද චෝදනා කර තිබෙනවා.

ආරුගම්බේ සිදුවීම පිළිබද විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක්..

ආරුගම්බේ සිදුවීම පිළිබද විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක්..

සිසුවියගේ පවුලේ ඥාතීන් ප්‍රශ්න කර ඇත්තේ, ඇයගේ සිරුර ප්‍රථමයෙන්ම ඔවුන්ට නොපෙන්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට රැගෙන ගියේ මන්දැයි යන්නයි.

එමෙන්ම මියයාමට පෙර සිසුවිය විසින් ලියන ලදැයි කියන සටහන ද ඔවුන්ට පෙන්වා නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.