ආරුගම්බේ සිදුවීම පිළිබද විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක්..

Report

 අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කර ඇති සංචාරක උපදෙස් ඉවත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය එම තානාපති කාර්යාලයෙන් ඉල්ලා තිබෙනවා.

පසුගිය මස 23 වැනිදා ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබීමත් සමගයි මෙම සංචාරක උපදෙස් තානාපති කාර්යාලය නිකුත් කළේ.

ණයගැතිභාවයෙන් පීඩා විදින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබාදීමට රජයේ අවධානය..

ණයගැතිභාවයෙන් පීඩා විදින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබාදීමට රජයේ අවධානය..

එම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත යාමට ගමන් තහනමක් පනවා තිබුණා.

එමෙන්ම නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ද දැඩි ලෙස ඉල්ලා සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය එදින සඳහන් කළේ.