නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි...
By Parami Dissanayake
සිංගප්පූරු ජාතිකයකු විසින් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු යොදවා පවත්වාගෙන ගිය නීතිවිරෝධී ව්‍යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක් යුද හමුදා බුද්ධි අංශ තොරතුරක් මත බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ (27) වටලා ථිබෙනවා.
දිගුකලක් තිස්සේ එම නීතිවිරෝධී ව්‍යාජ මත්පැන් නිෂ්පාදන ස්කාගාරය මහර කඩවත ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, එම වැටලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර,එහි තිබී ව්‍යාජ ලෙස සකසන ලද විදේශීය විස්කි බෝතල් 54ක් සහ එම බෝතල් සීල් කිරීමට ගන්නා යන්ත්‍ර 2ක් මෙන් ම, මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍ය හා උපකරණ තොගයක් ද සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් සිදුකරයි.