හමුදා කඳවුරක බිහිසුණු පිපිරීමක්..
United Russia
By krishani
රුසියාවේ - ක්‍රයිමියා ප්‍රදේශයේ හමුදා කදවුරක පිපිරීම් මාලාවක් සිදුව තිබෙන අතර එම පිපිරීම්වලින් එක් අයකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ හමුදා කඳවුරේ පතොරොම් ගබඩා කර තිබූ ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බවට සැක කෙරෙන බවයි.
රුසියානු සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් වන මෙම ප්‍රදේශයේ ඊයේ(09) ඇති වූ පිපිරීම් මාලාවත් සමග පැමිණ සිටි සංචාරකයන් වෙරළ ආසන්න ප්‍රදේශවලින් පලා යන අයුරු දැක්වෙන් වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබේ.