සේවකයෙකු නැවත කැඳවිය හැක්කේ මෙන්න මේ දේ සිදු කිරීමෙන් පසුවයි..(VIDEO)

Covid Sri lanka Garment Office services Hemantha herath
By Aruna Jun 08, 2021 05:07 AM GMT
Aruna

Aruna

Report

 යම් ආයතනයක සේවකයෙකු කෝවිඩ්19 ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්වුවහොත් එදින සිට අවම වශයෙන් දින 10කට පසු සිදු කරන ලද පී.සී.ආර්. පක්‍ෂණයක් ඍණාත්මක වුවහොත් පමණක් එම සේවකයා සේවයට කැඳවීමට ආයතන ප්‍රධානියා වගබලාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ, ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුළු කර්මාන්තශාලාවල සේවයේ නිරත සේවකයන් කෝවිඩ් ආසාදිතයන් වූ පසු එම ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. වාර්තා කඩිනම්කර ඇතැම් විට ඔවුන් දින 02ක වැනි සුළු කාලයකින් නැවත සේවයට කැඳවීමට ඇතැම් ආයතන ප්‍රධානීන් කටයුතු කරන බවක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව එය ඉතා වැරදි ක්‍රියාවක් වන බවත්, අවම වශයෙන් දින 10ක් හෝ ආශ්‍රිතයන් නිවෙස්වල රඳවා අනතුරුව ලබාගන්නා පී.සී.ආර්. පක්‍ෂණ මත සේවයට කැඳවිය යුතු බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

කෙසේ වුවද යම් ආශ්‍රිතයෙකු පී.සී.ආර්. පරීක්‍ෂණයකට යොමු වන්නේ නම්, දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්වී නැවත පී.සී.ආර්. පක්‍ෂණයකට යොමු වූ පසු සේවයට වාර්තා කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස තම පෞද්ගලික මතය වන බවද හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අද දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now