ලබන වසරේ මැතිවරණයක්...
By Hashini
බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජනවාරි 7 වැනිදා පැවැත්වෙනු ඇතැයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.
බංග්ලාදේශයේ ඩකා අගනුවර ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙන්නේ කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස සහ අග්‍රාමාත්‍ය ශීක් හසීනාට බලයෙන් ඉවත් වන ලෙසයි.
බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය මෙම විරෝධතාවන් පවත්වනු ලබනවා.
එම පක්ෂය පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරියගේ රජයක් යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවයි.
එසේම භාරකාර රජයක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු බව ද විපක්ෂය ඉල්ලා සිටිනවා.
...............................