සුමාත්‍රාවේ ඇතිවූ භූ කම්පනයකින් ශ්‍රී ලංකාව හෙල්ලෙයි..

Sri Lanka Hambantota Lunugamwehera An earthquake Indunesia
By Aruna Sep 08, 2021 03:00 AM GMT
Aruna

Aruna

Report

හම්බන්තොට - ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිත ව ඊයේ සිදු ව ඇත්තේ, ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සිදු වූ භූ කම්පනයක් නො වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එය සුමාත්‍රා දූපත් අසල සිදු වූ භූ කම්පනයක දැනීමක් බව ද ඔහු ප්‍රකාශ කරනවා.

ඊයේ පෙරවරුවේ අදාළ ප්‍රදේශයේ රික්ටර් මාපක 02යි දශම 04ක සුළු භූ චලනයක් සිදු ව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රකාශ කළා.

පල්ලෙකැලේ, මහකනදරාව හා හක්මන යන භූ විද්‍යා සටහන් මාපකවල ද එය සටහන් වී තිබෙනවා.

පසුගිය මස 24 වැනිදා ද ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිත ව සුළු භූ චලනයක් සිදු වූ අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now