ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්...
By Parami Dissanayake
ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ භූ කම්පනයක් සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 4.5 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම භූ කම්පනයත් සමඟ ම මස්ලිබෲක් නගරයේ හා ඒ අවට ප්‍රදේශවල විදුලිය ද විසන්ධි වී තිබෙනවා.
විදෙස් වාර්තාවල සඳහන් වන්නේ, මෙම භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 05ක් ගැඹුරින් සිදු වී ඇති අතර සිඩ්නි නගරයේ ජනතාවට ද එය දැනී ඇති බවයි.