දුම්රිය ස්ථානයකට පහරදීමක් - දේපළ කිහිපයකට හානී..

Sri Lanka Police Sri Lanka Police Investigation Sri Lanka Railways Department of Railways Railways
By krishani Jul 11, 2023 07:08 AM GMT
krishani

krishani

Report

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කළුතර උතුර දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි නොම්මර එක දුම්රිය ස්ථානයට කිසියම් පිරිසක් පහර දීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

එම පහර දීමෙන් ප්‍රවේශ පත්‍ර කවුළුව ආවරණය කිරීම සඳහා යොදා ඇති වීදුරුව බිදී ගොස් ඇති අතර දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබූ තවත් දේපල කිහිපයකට හානි සිදු වී ඇත.

කෙසේ වෙතත්, මෙම පහරදීම සිදු කළේ කවුරුන් ද යන්න මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.