ලොවම සංවේදී කරමින් චිත්‍ර ශිල්පියෙකුට කාන්තාවකගේ දෑත් බද්ධ කරයි..(VIDEO)
ඉන්දියාවේ දිල්ලි ප්‍රදේශයෙන්, සාර්ථක වූ දෑත් බද්ධ කිරීමේ සැත්කමක් පිළිබඳව සුවිශේෂී පුවතක් වාර්තා කර තිබේ.
දිල්ලියේ ප්‍රධාන රෝහලකදී මෙම සුවිශේෂී සැත්කම සිදුකර තිබේ. මෙහි තවත් සුවිශේෂී කරුණක් වන්නේ මෙලෙස නැවත දෑත් හිමිව ඇත්තේ චිත්‍ර ශිල්පියෙකුට වීමය.
2020 වර්ෂයේදී අවාසනාවන්ත දුම්රිය අනතුරකින් මෙම චිත්‍ර ශිල්පියාට සිය දෑත් අහිමිව ගොස් ඇත. දෑත් අහිමිව සිටි චිත්‍ර ශිල්පියාට පසුගියදිනක යළි දෑත් හිමිවන්නේ සිය ශරීරාංග පරිත්‍යාග කළ කාන්තාවක් නිසාවෙනි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම කාන්තාවගේ වකුගඩු, අක්මාව සහ අක්ෂි කොටස් තවත් පුද්ගලයින් තිදෙනෙකු වෙත බද්ධ කර ඇති බවයි. මෙම සැත්කමට පැය 12ක් ගතවී ඇති අතර දිල්ලියේදී වෙනත් අයෙකුගේ දෑත් සාර්ථක ලෙස බද්ධ කිරීමේ ප්‍රථම සැත්කම මෙයයි.
45 හැවිරිදි වියේ පසුවන මෙම වාසනාවන්ත චිත්‍ර ශිල්පියාට නැවතත් දෑත් හිමිව තිබීමේ සම්පූර්ණ ගෞරවය අති දක්ෂ වෛද්‍යවරුන්ටත් සිය ශරීරාංග පරිත්‍යාග කළ කාන්තාවටත් හිමිවියයුතුමය.
සැත්කම සාර්ථකව නිමවූ පසුව සමූහ ඡායාරූපය ගැනීමේදී චිත්‍ර ශිල්පියා සිය අලුත් දෑතේ මහපට ඇඟිලි ඉහළට ඔසවමින් ස්තූතිය පුදකළ අයුරු දැකගත හැකිවිය.
විදෙස් මාධ්‍ය එම සැත්කම පිළිබඳව වාර්තාකර තිබුණේ පහත අයුරින්...
