බැකෝ සමන්ගේ බිරිදගෙන් කටඋත්තරයක් ගන්න CIDයට අවසර
අද (09) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත.

සම්පත් මනම්පේරි බුද්ධි අංශෙත් ඉදලා මන්ත්‍රී කෙනෙක්වත් මැරුව කියලා සැකයි එහෙව් කෙනෙක් තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳවන ශාධිකා ලක්ෂානීගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇත.
පසුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බැකෝ සමන් නමැත්තාගේ බිරිඳවන ශාධිකා ලක්ෂානීගෙන් ලබන සඳුදා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකම් සලසා දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කර ඇත.
මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කර ඇත.