මුදල්, මූල්‍යකරණය හෝ මූල්‍ය යන වචන භාවිත කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක්

By Dharu Feb 27, 2025 10:33 PM GMT
Report

පුද්ගලයෙකුට හෝ යම් ආයතනයකට මින් ඉදිරියට මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව මුදල්, මූල්‍යකරණය හෝ මූල්‍ය යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව භාවිත කිරීමට නොහැකි බව මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තෙකුට අනුමැතියකින් තොරව එය භාවිත කළ නොහැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රතිපාදන උල්ලංඝනය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන පුද්ගලයෙකු පනත යටතේ වරදකට වරදකරු වන බවයි.

ශ්‍රී ලංකාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය!

ශ්‍රී ලංකාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය!

අද දවස ඔබට කොහොමද?

අද දවස ඔබට කොහොමද?