ගබ්සාවක් කරගත් වරදට තිදරු මවකට ලැබුණ දඬුවම - අන්තර්ජාලයෙන්ම ඇය වෛද්‍ය උපකරණත් සොයාගෙන..

England
By krishani Jun 13, 2023 08:05 AM GMT
krishani

krishani

Report

ගබ්සාවක් සිදුකිරීම හේතුවෙන් 44 හැවිරිදි බ්‍රිතාන්‍ය කාන්තාවකට එරට අධිකරණය විසින් මාස 28ක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

බ්‍රිතාන්‍ය නීතිය යටතේ ගබ්සාවක් සිදුකිරීමට අවසර හිමිවන්නේ සති 10කට අඩු ගැබ් ගැනීමක් සඳහා පමණක් වන අතර එම කාලය ඉක්මවා යාම හේතුවෙන් ඇයට එම දඬුවම් නියම කර ඇත.

2019 වසරේ දී ඇය ගැබ්ගැනීමක් සිදුවීමෙන් පසු අන්තර්ජාලය හරහා ගබ්සාවට අදාළ වෛද්‍ය උපකරණ සොයා තිබෙනවා.

අදාල කාන්තාව සති 07ක පමණ ගැබිනියක් බවට හඳුනාගැනීමෙන් පසු ඇයගේ ඉල්ලීමට ගබ්සා කිරීමේ සත්කාර මධ්‍යස්ථානයකින් ගබ්සාව පොළඹවන ඖෂධ තැපැල් මඟින් එවා ඇත.

ඇය විසින් එම ඖෂධය භාවිතා කිරිම තුළින් වූ ප්‍රසව වේදනාව මත රෝහල්ගත කර තිබෙනවා.

රෝහලේ දී කලලය ප්‍රසූත කර ඇති අතර කලලය සති 32ත් 34ත් අතර වයසක පසු වූ බිළිඳියකී.

කෙසේවෙතත් ඒ වන විටත් ඇය තිදරු මවක් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.