රැජින බලන්න එංගලන්තයට එන අමෙරිකා ජනපති කරන්න යන විශේෂ දේ මෙන්න.

United States of America England
By Aruna Sep 13, 2022 05:29 AM GMT
Aruna

Aruna

Report

දෙවන එළිසබෙත් රැජිණගේ දේහය මේවනවිට ස්කොට්ලන්තයේ එඩින්බරෝහි සාන්ත ජයිල්ස් දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

ස්කොට්ලන්ත වැසියන්ට රැජිණට අවසන් ගෞරව දැක්වීම සදහා අවස්ථාව හිමිවන අවසන් දිනය අදයි.

ඒ අනුව අද පස්වරුවේ රාජකීය දේහය එංගලන්තය බලා රැගෙන යාමටයි නියමිතව ඇත්තේ.

මේ අතර ලබන 19 වනදා ලන්ඩනයේ පැවැත්වෙන රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා ලෝක නායකයින් රැසක් සහභාගී වීමට නියමිතයි.

එහිදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට විශේෂ අවස්ථාවක් හිමිව තිබෙනවා.

ඒ, ඔහුගේ නිල රථය ලන්ඩනය වෙත රැගෙන ඒමටයි.

කෙසේවෙතත් බ්‍රිතාන්‍යය රජය මීට පෙර ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියේ වාණිජ ගුවන් යානාවලින් මිස පෞද්ගලික ගුවන් යානාවලින් නොපැමිණෙන ලෙසයි.

එහෙත් අමෙරිකානු ජනාධිපතිවරයා ලන්ඩනයට පැමිණීමට නියමිතව ඇත්තේ එරට ගුවන් හමුදාවට අයත් යානයකින් වන අතර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පෞද්ගලික ගුවන් යානයකින් පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ආරක්ෂක හේතූන් මත තවත් රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකුට රාජකීය අවමංගල්‍යදා සිය පෞද්ගලික රථ ලන්ඩනයට රැගෙන ඒමට අවස්ථාව හිමිවනු ඇතැයි සදහන්.

එම නායකයින් හැර සෙසු රාජ්‍ය නායකයින් රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා ලන්ඩනයේ නම හෙලි නොකල ස්ථානයක සිට විශේෂ බස් රථ මගින් රැගෙන යාමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now