ඩොනල්ඩ් ට්‍රම්ප් WHO සංවිධානයෙන් ඉවත් වීමට තීරණයක

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අමෙරිකා එක්සත් ජනපදය අද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිත බව සඳහන් වේ.

එය ඇමරිකාවේත් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් දැඩි බලපෑම් ඇති කළ හැකි කරුණක් බවට විශේෂඥයින් අනතුරු අඟවති. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 වසරේ සිය ජනාධිපති ධුරය ආරම්භ වූ පළමු දිනයේදීම විධායක නියෝගයක් මගින් WHO සංවිධානයෙන් ඉවත් වීමට නිල වශයෙන් දැනුම් දී තිබුණි.

දිට්වා ඉවර වුණා විතරයි - තවත් විනාසයක් ලංකාව වටකරගෙන - දැන්ම මාස්ක් දාගන්න

දිට්වා ඉවර වුණා විතරයි - තවත් විනාසයක් ලංකාව වටකරගෙන - දැන්ම මාස්ක් දාගන්න

එක්සත් ජනපද නීතිය අනුව, එවැනි ඉවත් වීමක් සඳහා වසරක දැනුම් කාලයක් ලබාදිය යුතු අතර, සංවිධානයට ගෙවිය යුතු සියලුම හිඟ මුදල්ද ඉදිරියට ගෙවීම නීතිය වේ. ඒ අනුව, WHO වෙත අමෙරිකාව විසින් ගෙවිය යුතු හිඟ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 260කට අධික බව සඳහන් වේ.

ගෝලීය සෞඛ්‍ය අර්බුද කළමනාකරණය කිරීමේදී සහ තොරතුරු හුවමාරුවේදී WHO සංවිධානය දැක්වූ අසාර්ථකතාවයන් හේතුවෙන් අමෙරිකාවට ට්‍රිලියන ගණනක ආර්ථික හානියක් සිදුවූ බව සඳහන්ය.

එම නිසා ඔවුන් දැඩි අපහසුතාවකට ලක්ව ඇත. ඒ අනුව, WHO වෙත අමෙරිකානු රජයේ අරමුදල්, සහයෝගිතා හෝ සම්පත් ඉදිරියේදී ලබාදීම නතර කිරීමට ජනාධිපති ට්‍රම්ප් මහතා බලතල භාවිතා කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය විශේෂඥයින් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් පෙන්වා දෙන්නේ, ඇමරිකාව WHO වෙතින් ඉවත් වීමෙන් ගෝලීය රෝග නිරීක්ෂණය සහ හදිසි ප්‍රතිචාර ක්‍රමවේදයන් දැඩි ලෙස දුර්වල විය හැකි බවය.

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද දුන් නියෝගය මෙන්න

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද දුන් නියෝගය මෙන්න