විශ්වයේ රහස් සොයා ගුවනට ගිය ජේම්ස් වෙබ්
#America#Games Webb#Nasa#World
By Sithumi
ඇමරිකානු බිලියන 09ක වියදමින් නාසා ආයතනය විසින් විශ්වයේ ළදරු අවධිය සොයා අභ්‍යවකාශය වෙත යවන ප්‍රථම දුරේක්ෂය අද අභ්‍යවකාශ ගත කිරිමට නියමිතයි .ජේම්ස් වෙබ් ලෙස නම් කර ඇති මෙම අභ්‍යවකාශ අධෝරක්ත දුරේක්ෂය ඉදිරි වසර 10ක කාලයක් තුළ පෘථිවිය වෙත විශ්වයේ රහස් රැගෙන එනු ඇතැයි නාසා ආයතනය පවසයි.
එමෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ අතිවිශිෂ්ට නව විස්තර සහිතව ගවේෂණය කළ හැකි අතර ඈත ලෝකවල වායුගෝලයන් අධ්‍යයනය කළ හැකිය.නව තාරකාවල සිට කළු කුහර ගිල දැමීම දක්වා Webb විසින් මේ සියල්ල සහ තවත් බොහෝ දේ හෙළි කරනු ඇත.එය මෙතෙක් ඉදිකර ඇති ලොව විශාලතම සහ බලවත්ම අභ්‍යවකාශ දුරේක්ෂයයි.