ඇමරිකාවෙන් ඉන්දියාවට විශේෂ තෑග්ගක් - නව වීසා ක්‍රමය "America First" හඳුන්වා දෙයි
ඉන්දියාවට සිව්දින නිල සංචාරයක නිරතව සිටින ඇමරිකානු විදේශ කටයුතු ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රධාන නිවේදනයක් නිකුත් කරමින් නව වීසා සම්මුඛ පරීක්ෂණ සැලසුම් පද්ධතියක් හඳුන්වා දී ඇත.
ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික සේවාව නවීකරණය කිරීමේ එක් කොටසක් ලෙස හඳුන්වා දී ඇති මෙම “America First Visa Scheduling Tool” නව ක්‍රමවේදය හරහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට වීසා සම්මුඛ පරීක්ෂණ සඳහා ඉක්මන් ප්‍රමුඛතාවයක් ලබාදීමට සැලසුම් කර තිබේ.
මෙම පද්ධතිය මඟින් විශේෂයෙන්ම සංචාරක, ව්‍යාපාරික සහ ආයෝජන අරමුණු සඳහා ඇමරිකාවට පැමිණීමට අපේක්ෂා කරන ඉන්දීය අයදුම්කරුවන්ට වැඩි පහසුකම් සැලසෙනු ඇති බවද සඳහන් වේ.
ව්‍යාපාරික ගිවිසුම්, ආයෝජන සහ වෙළඳපොළ පුළුල් කිරීම සඳහා ඇමරිකාවට යාමට අපේක්ෂා කරන ඉන්දීය ව්‍යාපාරිකයින්ට මෙම ක්‍රමවේදය විශේෂයෙන් ප්‍රයෝජනවත් වනු ඇති බවද ඇමරිකානු බලධාරීන් පෙන්වා දෙයි.
මේ අතර, ඉන්දියානු සමාගම් මේ වන විට ඇමරිකානු ආර්ථිකයට ඩොලර් බිලියන 20කට ආසන්න ආයෝජන සිදු කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.