හිම කුණාටුව දරුණු වෙයි.. සති අන්තයේ අවම වශයෙන් 19 දෙනෙකු මිය යයි.

By Sithumi Dec 24, 2022 06:28 PM GMT
Sithumi

Sithumi

Report

 අමෙරිකාවට බලපෑ හිම කුණාටුව හේතුවෙන් සති අන්තයේ අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම කුණාටුව හේතුවෙන් මේ වන විටත්  මිලියන 1යි දශම 5කට විදුලි සැපයුම අහිමි වී අවසන් වන අතර ටෙක්සාස් සිට කැනඩාවේ කිව්බ් නගරය දක්වා කිලෝමීටර් 3200ක් පුරා එම හිම කුණාටුව පැතිර ගොස් ඇති බවයි.  

මොන්ටානා ප්‍රාන්තයේ එල්ක් පාර්ක්හි උෂ්ණත්වය මේ වන විට පවතින්නේ සෙල්සියස් අංශක ඍණ පහකයි. අමෙරිකානු බලධාරීන් අනතුරු අඟවන්නේ පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රාන්ත වලටද දැඩි හිම පතනයක් ඇති විය හැකි බවයි.  

නිව්යෝර්ක් සහ බෆලෝ නගර වලද අගල් 35ක පමණ හිම පතනයක් සිදුවිය හැකි බවද එම බලධාරීන් පවසන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.