අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවේ බලන් ඉඳපු තීන්දුව කල්යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින තෙක් කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.
මහ පාරේ ඝාතනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ හැමෝම බලන් හිටපු තීන්දුව අද
ඉකුත් අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීම නිසා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මහතා ජීවිතක්ෂයට පත් විය.
එම අවස්ථාවේදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්වූ අතර, එම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත් විය.