මහ පාරේ ඝාතනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ හැමෝම බලන් හිටපු තීන්දුව අද
අරගලය පැවැති ඉකුත් 2022 වසරේ මැයි නම වැනිදා, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා නිට්ටඹුව නගරයේදී පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේදී විභාග වූ නඩුවේ තීන්දුව අද (14) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ අනුව මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඇතුළු තවත් පිරිසක් මන්ත්‍රිවරයාගේ මෝටර් රථයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ජන හමුවකට රැස්ව නැවත පොළොන්නරුව බලා යන ගමනේදී නිට්ටඹුව නගරයේ විරෝධතාවක නිරත වූ පිරිසක් විසින් මෙසේ පහරදී තිබුණා.
ඒ අනුව පුද්ගලයන් 41 දෙනකු මෙම නඩුවෙන් චෝදනා ලැබ ඇත.
අගමැතිනිගේ ලිංගික කැමැත්තට මඩ ගැසීම මොන නීතියක්ද ලංකාවේ, මේ විදියට පහත් විදියට හැසිරෙන්නෙ - CID පැමිණිල්ලක්
එසේම ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකොට තිබුණා. එමෙන්ම මෙම පුද්ගලයන්ගෙන් 13 හා 31 වන විත්තිකරුවන් මිය ගොස් සිටින අතර 39 හා 40 විත්තිකරුවන් අධිකරණය මගහැර සිටියදී මෙම නඩු විභාගය පැවැත් වුණා.
මේ අතර සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 2023 වසරේ සිට මෙම නඩුව විභාග කෙරුණු අතර එහිදී සාක්කිකරුවන් එකසිය අසූ දෙනකුගෙන් සාක්කි ලබා ගැනීම ද සිදුව ඇත.
එහිදී පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, ප්‍රභූවරුන්, ග්‍රාමසේවක නිලධාරීන් හා භික්ෂූන් වහන්සේ ඇතුළු සිවිල් පුද්ගලයන්ගෙන්ද සාක්කි ලබා ගෙන තිබුණා.
මේ අතර මෙහි විශේෂත්වය නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විද්‍යාත්මක සාක්කි පදනම් කරගෙන මෙම නඩු විභාගය පැවැත්වීයි. එසේම පුද්ගල සාක්කිවලට අමතරව සීසීටීවී දර්ශන මුහුණු හඳුනාගැනීම ඩී එන් ඒ පරීක්ෂණ වීඩියෝ හා සොකෝ නිලධාරී පරීක්ෂණ මූලික කෙට ගනිමින් එක් එක් සැකකරුවන් සම්බන්ධයෙන් සාක්කි විමර්ශනය කිරීමද සිදු විය.
ඒ අනුව ඔවුන්ට විරුද්ධව මනුෂ්‍ය ඝාතනය, වාහනයක් ගිනි තැබීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්වීම, දේපළ කොල්ලකෑම යන චෝදනා මත මෙම දීර්ඝ නඩු විභාගය පැවැත් වුණා.
එමෙන්ම මෙම සැකකරුවන් අතර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන සිසුන් දෙදෙනකුද ත්‍රිරෝද රථරියදුරන් නගරයේ වෙළෙඳසල් පවත්වාගෙන යන කීපදෙනකුද සිද්ධිය වූ වෙළෙද ආයතනයේ සේවකයන් දෙදෙනකුද ඇතුළු නිට්ටඹුව හා ඒ අවට ප්‍රදේශයේ පුද්ගලයන් ඇතුළත්.
එහිදී තුන්වන විත්තිකරු නඩු විභාගයක් දිනයකදී අධිකරණය මගහැරීමේ චෝදනා මත නඩු විභාගය අවසන් වන තුරුම රිමාන්ඩ් භාරයට පත් කර ඇත.
මේ අතර ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි චමින්ද අතුකෝරළ ලාල් කුමාරපේලි සිරාණි දිසානායක සුරංග ගුණතිලක යන නීතිඥවරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් විත්ති පාර්ශ්වය සඳහා පෙනී සිටිය අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්. ජනක බණ්ඩාර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ. ඔස්වල්ඩ් පෙරේරා රජයේ අධි නීතිඥ අරින්ද්‍ර ජයසිංහ යන මහත්වරුන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියා.