දැනටත් තුනක් පාඩුවට දුවන්නේ...බස් ගාස්තු වැඩි කරනවා...

Fuel Price In Sri Lanka Sri Lanka Sinhala news
By Akash Apr 01, 2025 10:50 AM GMT
Akash

Akash

Report

මෙවර මාසික ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල පහළ යාමක් බලාපොරොත්තු වුවද එය සිදු නොවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ත‍්‍රිකුණාමලේ උණුසුම් තත්ත්වයක්...පොලිසියට ගුටි..

ත‍්‍රිකුණාමලේ උණුසුම් තත්ත්වයක්...පොලිසියට ගුටි..

එහි සභාපති ගැමුණු විජේසූරිය මහතා සඳහන් කර පවසන්නේ ඒ අනුව එළැඹෙන බස් ගාස්තු සංශෝධනයේදී අනිවාර්යෙන්ම බස් ගාස්තු වැඩි කිරීම සිදුවනු ඇති බවය.

හදිසියේම කොළඹ ආරක්ෂාව තර කරයි

හදිසියේම කොළඹ ආරක්ෂාව තර කරයි

දැනටමත් බස් රථ සඳහා රුපියල් තුනක පාඩුවක් ලබමින් ධාවනය කරන බවද ඊට අමතරව රජය විසින් පනවා ඇති නව බදු අනුපාතයන් යටතේ බස් රථවල මිලද ඉහළ ගොස් ඇති බවත් වැට් බදු ද බස් රථ සඳහා එකතු කර ඇති බවත් ඒ අනුවද බස් ගාස්තු වැඩි කිරීමක් අනිවාර්යෙන්ම සිදු කළ යුතු ඇති බවත් කියා සිටියේය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

ReeCha