හොඳ වැඩේ බාල වයස්කාර දැරියව හිතක් පපුවක් නැතුව දූෂණය කළාට ලැබුණු දඬුවම

Report

බාල වයස්කාරියකව සිටි තැනැත්තියක් කඩුවෙල වැලිවිට ප්‍රදේශයේදී දූෂණය කිරීමේ සිද්ධියක් පිළිබඳව වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට බරපතළ වැඩ ඇතුව වසර 12 ක සිර දඩුවම් ලබා දෙන මෙන් හෝමගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (26) දින නියෝග කර තිබෙනවා.

තවද අඳාළ සැකකරුට රුපියල් 20,000ක නඩු ගාස්තු ගෙවීමටත් එම මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් ලබා දෙන ලෙසටත් නියෝග කර ඇති බව සඳහන්.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

එසේම මෙහිදී වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා. එම මුදල් ලබා නොදෙන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් ලබා දෙන බවද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළ බව සඳහන්.

කෙසේ වෙතත් මෙසේ දඬුවම් නියම වූයේ වැල්ලම්පිටිය ගල්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ටයි.

අඳාළ නියෝගය ලබා දුන්නේ එකල බාලවයස්කාර දැරියක වූ වින්දිත දැරිය අධිකරණ නියෝගයක් මත මාර්ගම ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබමින් සිට පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව රැකියාවක් සොයා ගැනීමට පිටකොටුවට ගිය විට සැකකරු මෙම වින්දිත දැරිය රවටා 2012 මාර්තු 04 දින හෝ ඊට ආසන්න දිනයකදී කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ තිබූ ඥාති නිවසකට රැගෙන ගොස් දූෂණයට ලක් කර ඇති බවට සාක්ෂි සහිතව ඔප්පු වීමත් සමඟයි.

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න