චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු නැවත ආරම්භ වේ
චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතුවල තෙවැනි අදියරේ තෙවැනි කොටස ඊයේ ආරම්භ වුන අතර අදාළ කැණීම්වල තුන්වන අදියර සඳහා අධිකරණය දින 45ක අනුමැතිය ලබාදී තිබේ.
මේ මස 06 වැනිදා දක්වා දින 32ක කාලයක් කැණීම් කටයුතු සිදුකෙරුණු අතර ඉන් අනතුරුව එම කටයුතු තාවකාලිකව අත්හිටුවීමෙන් පසු අද දින එම කැණීම් ක්‍රියාවලියේ 33 වැනි දිනය වන අතර ඒ අනුව නැවත මෙහෙයුම් ආරම්භ වී ඇත.
අද දින ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස දැනට පවතින කැණීම් ස්ථාන තවදුරටත් පුළුල් කෙරෙන අතර, එම කටයුතු හෙට දිනයේදීත් සිදුකිරීමට සුදානම බවත් මෙම මස 06 වැනිදා දක්වා දින 41ක් පුරා අදියර වශයෙන් සිදුකළ කැණීම්වලදී අස්ථි කොටස් 150ක් සොයාගෙන සම්පූර්ණයෙන් ගොඩගැනීමට හැකි වූ බව වාර්තා වේ.
චෙම්මනි නඩුවට අදාළව පසුගිය 14 වනදා පැවති නඩු විභාගයේදී කැණීම් කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස වුනු ඉල්ලීමක් මත විනිසුරුවරයා අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දුන් අතර කැණීම්වල ඉදිරි අදියර සඳහා කටයුතු සූදානම් කෙරේ.