පිස්සු හැදෙයි, බෝයිං සමාගමෙන් එයාර් ගුවන් සේවයට ගුවන් යානා 103 ක් ගන්න ගිවිසුමක්

Report

ඇමරිකාවේ ගුවන් සේවා දැවැන්තයෙකු වන බෝයිං සමාගමෙන් කොරියානු එයාර් ගුවන් සේවයට ගුවන් යානා 103 ක් මිලදී ගැනීමට සමාගම් දෙක ගිවිසුමකට එක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ගිවිසුමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 38 ක් වන බව සඳහන්.

එසේම සමාගම් දෙකේ ඒකාබද්ධ ප්‍රකාශයක අනුව, මෙම ගනුදෙනුව යටතේ කොරියානු ගුවන් සේවය බෝයිං 787, 777 සහ 737 යන ගුවන් යානා මිලදී ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් ඇමෙරිකාවේ සිදුකළ සංචාරයට සමගාමීව ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් හමුවී පැය කිහිපයකට අනතුරුව මෙම ගිවිසුම ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර