නඩුව ඉවර වෙලා කලබල නිසා පැයකට වැඩිය අධිකරණයෙම ඉන්න වුණා, මේවට ඉඩ දෙන්න බෑ රනිල්ගේ නඩුවට කතා කරාට බයෙන් ඉන්න දිලීප

Ranil Wickremesinghe Law and Order Latest Headlines Sinhala news Colombo politics heat up
By Kaushi Aug 26, 2025 05:21 PM GMT
Kaushi

Kaushi

Report

අතිරේක සොලිස්ටර ජනරාල් දිලීප පීරිස් මහතා විසින් ‘අපිට උසාවිට එන්න වෙන්නේ බයෙන් නම් ඒක භයානක තත්ත්වයක් යැයි’ ප්‍රකාශ කළා.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නීති කෘත්‍යයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත්ව අදහස් පළ කරමින්.

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ,

“ස්වාමීනි … පසුගිය නඩු දිනයේ මා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මට බාධා කිරීම් ඇති වුණා. මැදිහත් වීම් කළා. අධිකරණ කටයුතු වීඩියෝ කර සමාජ මාධ්‍යවලට මුදා හැර තිබුණා. මට මගේ කනිෂ්ඨ නීතිඥවරයා පවා ඉදිරියට ගෙන්න ගන්න බැරි වුණා. මේවා අනුමත කරන්න බෑ ස්වාමීනි… එදා නඩුව ඉවර වුණාට පස්සේ පිටත තිබූ කලබල නිසා පැයකට වැඩි කාලයක් අපිට අධිකරණය තුළ ඉන්න සිදුවුණා. ඔබ තුමියටත් එසේ වෙන්න ඇති. අපිට උසාවියට එන්න වෙන්නේ බයෙන් නම් ඒක භයානක තත්ත්වයක්. මෙවැනි ක්‍රියා අනුමත කරන්න බෑ. අධිකරණ භූමිය තුළ මැරකරණය සහ ත්‍රාඩකරණයට ඉඩ දෙන්න බෑ. ඒ නිසා යුක්තියේ දෙවඟන අතේ තිබෙන අසිපත භාවිත කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”  යනුවෙන්.

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

අධිකරණ කටයුතු සමාජ ජාලවල දැම්මද? එහෙනම් පුතේ ඉඳලා ඉවරයි, මෙන්න දුන්න නියෝගය

අධිකරණ කටයුතු සමාජ ජාලවල දැම්මද? එහෙනම් පුතේ ඉඳලා ඉවරයි, මෙන්න දුන්න නියෝගය