අනවසරයෙන් රැදී සිටි ඉන්දීයානුවෝ 15ක් පිටුවහල් කෙරේ

Lankasri Sri Lanka Tourism
By Gagana News Mar 10, 2025 09:32 AM GMT
Gagana News

Gagana News

Report

ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කර , සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ , යාපනය ප්‍රදේශයේ අන්තවාදී ආගමික ප්‍රචාරණ කටයුතු කරමින් සහ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි ඉන්දීය ජාතිකයන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කර තිබෙනවා.

මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපොළ මගින් නොමිලේ ලබා දී තිබූ සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි අය බව සඳහන් . මොවුන් අතරින් දෙදෙනෙකු යාපනය , මත්හල් ප්‍රදේශයේ , රෝග සුව කිරීමේ අන්තවාදී ආගමික මෙහෙයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටි අතර , ඔවුන්ට එරෙහිව එම ප්‍රදේශයේ හින්දු ජාතික සංවිධාන විසින් විරෝධතාවක් ද සංවිධානය කර තිබු බව පැවසෙනවා.

එහිදී අත්අඩංගුවට ගත් ආගමික පූජකවරුන් දෙදෙනා ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6ඊ.- 1172 දරන ගුවන් යානයෙන් කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණා.

මීට අමතරව යාපනය ප්‍රදේශයේ ලී මඩුවක , කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන පළාලි ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පිටුවහල් කර තිබෙනවා.

එමෙන්ම යාපනය ප්‍රදේශයේ අවන්හල් තුළ සේවය කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයන් 05 දෙනෙකු ද පළාලි ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටුවහල් කර තිබුණා.

මෙම අත් අඩංගුවට ගැනීම , වැඩිදුර විමර්ශන කටයුතු සහ පිටුවහල් කිරීම ආගමන විගමන පාළක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මියගේ උපදෙස් මත ආගමන විගමන පාළක ( මෙහෙයුම් සහ විමර්ශන ) විපුල් කාරියවසම් මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ බළයලත් නිලධාරී හරිත් පාණ්ඩියප්පෙරුම මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සිදු කර තිබුණා.

ReeCha