දෛනික සහ මාසික වැටුප 5000කින් වැඩිවෙයි..සතුටුදායක ආරංචියක්.!!

Sri Lanka
By Aruna Aug 10, 2022 04:58 AM GMT
Aruna

Aruna

Report

සේවකයන්ගේ පඩිය ගැන ගත් අලුත්ම තීරණය ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය ඉහළ නැංවීමට කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර ඇමැති මණ්ඩලයට යෝජනා කර තිබේ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ජාතික අවම මාසික වේතනය රුපියල් 12500 සිට රුපියල් 17500 දක්වා රුපියල් 5000කින්ද ජාතික අවම දෛනික වේතනය රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල් 200කින් වැඩි කිරීමටද සැලසුම් කර ඇත.

ඒ සඳහා සේවකයන්ගේ අවම වේතනය පනත සංශෝධනය කිරීමට නියමිතය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය යටතේ උද්ධමනය ජුනි මාසයේදී 59% දක්වා වැඩි වීම නිසා අඩු වැටුප් ලබන කම්කරුවන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

ජාතික කම්කරු උපදේශක සභාවද අවම වේතනය ඉහළ නැංවීමට එකඟත්වය ලැබී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now