මාවඩිපල්ලි ප්‍රදේශයේ අනතුරින් අතුරුදන් වූ සයදෙනා ම සිසුන් ..රියදුරු හා සහයක පළා ගිහින් ...

Report

 අම්පාර – කාරතිව් මාවඩිපල්ලි ප්‍රදේශයෙන් ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් ජල පහරට හසු වී පෙරළී ගියේ ඊයේ (26) රාත්‍රියේ දීයි.

මෙම අනතුරින් පුද්ගලයින් සයදෙනෙකු අතුරුදන් වුණා.

වේයන්ගොඩ නිධන් හාරන්න නියෝග දුන්නේ නෑ..මොකක්ද මේ ඒ පාර කියන කතාව...

වේයන්ගොඩ නිධන් හාරන්න නියෝග දුන්නේ නෑ..මොකක්ද මේ ඒ පාර කියන කතාව...

මෙලෙස අතුරුදන් වූ සයදෙනා ම පාසල් සිසුන් බවයි පොලිසිය පැවසුවේ.

දැඩි වර්ෂාපතනයක් සමග මාර්ගය ජලයෙන් යට වී ඇති අවස්ථාවක ඉතා අවදානම්සහගතව ට්‍රැක්ටර් රථ රියදුරු විසින් සිය රථය මගීන් සමග ම ජල පහරේ පැදවීමට උත්සාහ කර තිබෙනවා.

ජල පහරේ පීඩනයට ට්‍රැක්ටර් රථය පෙරළී ගොස් ඇති අතර ඒ වනවිට මගීන් 13 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇති බවත් හෙළි ව තිබෙනවා.

ගංවතුර තත්ත්වය නිසා මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා...

ගංවතුර තත්ත්වය නිසා මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා...

අනතුරින් සිසුන් ඇතුළු සියලු දෙනාම ගංවතුරේ ගසාගෙන ගොස් ඇති බවත් ඉන් 05 දෙනෙකු බේරා ගැනුණ ද, සය දෙනෙකු මෙතෙක් අතුරුදන් බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ සහායක පලා ගොස් සැඟව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මද්‍රසා පාසලක් නිමාවට පත් වී නිවෙස් බලා ගමන් කරමින් සිටි සිසුන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. අතුරුදන් වූවන් සොයා නාවික අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ


You may like this video