වේයන්ගොඩ නිධන් හාරන්න නියෝග දුන්නේ නෑ..මොකක්ද මේ ඒ පාර කියන කතාව...
වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ, නිධන් හෑරීමට හෝ නිධන් හාරා පොළොව අභ්‍යන්තරයේ ඇති පුරාවස්තු පිටතට ගැනීමට කිසිදු නියෝගයක් නිකුත්කර නොමැති බව අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව නිධානයක් ගොඩගැනීම සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත කිසිදු නියෝගයක් සිදුකර නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා අද විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර ඇත්තේ.
මීට අදාළව වේයන්ගොඩ පොලිසිය අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
භූ විද්‍යා හා පතල් කාර්යාංශය මෙන්ම විශේෂ කාර්යය බලකාය වෙනුවෙන් ද ඊට අදාළව වැඩිදුර වාර්තාවක් ගොනු කරනු ලැබුවා.
ඒ අනුව පසුගිය 12 වනදා අධිකරණය ලබා දුන් නියෝගය පරිදි සිදුකරන ලද පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව ඇති බව අධිකරණයට දැනුම් දී ඇති බැවින් කැණීම් සිදුකළ ස්ථානය පරීක්ෂා කරන ලද කළුගල් ද යොදා වසා දමන ලෙසයි මහේස්ත්‍රාත්වරයා වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත නියෝග කර ඇත්තේ.
වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ග රක්ෂිතයේ නිධන් වස්තු ඇතැයි පැවසෙන ස්ථානය පසුගිය සතියේ දින තුනක් තිස්සේ කැණීම් කරනු ලැබුවා.
කැනීම් සමග මතුව තිබූ විශාල විශ්කම්භයකින් යුතු පාෂාණය කැබලිවලට කඩා පිටතට ගෙන පරීක්ෂා කළත් කිසිවක් හමුව තිබුණේ නැහැ.
කෙසේ වෙතත් අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර ඇත්තේ මෙම කැණීමට අදාළව ලබා දුන් වාර්තාව අනුව පොළව අභ්‍යන්තරයේ ඇති පුරාවස්තු නොවන ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් සිදු කරන ලෙස නියෝගයක් ලබා දුන් බවයි.
ඒ අනුව නඩුව ලබන මස 03 වනදා යළි කැදවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනෙකු එතෙක් රිමාන්ඩ් කරන ලෙස ද නියෝගයක් කරනු ලැබුවා.
You may like this video