සියලූම වතු රෝහල් රජයට පවරා ගනී

Government
By Kanagasooriyam Jan 07, 2021 10:24 PM GMT
Kanagasooriyam

Kanagasooriyam

Report

සියලූම වතු රෝහල් රජයට පවරාගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර රත්නපුර ශික්ෂණ රෝහල කොවිඞ් වෛරසයෙන් තොර කලාපයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම, වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගනිමින් සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සහ රෝහල සංවර්ධනය කිරීම කෙරෙහියි එහිදී අවධානය යොමු කර ඇත්තේ.

රත්නපුර ශික්ෂණ රෝහල තුලින් කොවිඞ් වෛරසය ආසාදිත වූවන් වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හදිසි ප්‍රතිකාර ධාරිතාවය සහ කොවිඞ් පරීක්ෂණ කටයුතු ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මය විසින් උපදෙස් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කලේ.

හදිසි සේවා අවශ්‍යතාවය මත රෝහලට තවත් පී.සී.ආර් යන්ත්‍රයක් ලබාදීමටද නියමිතව තිබෙනවා.