පියාඹන පීරිසි 4ක් ඇවිත් වොෂින්ටන් නුවර මහා කලබලයක්.? - පිටසක්වලයන් අමෙරිකාවේ කැරැලි ගහන්න හදලා? - (VIDEO)
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4ක් දිස්වී ඇති අතර එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලයට පත්ව ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබුනා.
ඒ අසළ සිටි සංචාරක මග පෙන්වන්නෙකු වන ඩෙනිස් ඩිගින්ස් මෙම පැහැදිලි කළ නොහැකි එළි ඡායාරූපගත කර තිබෙනවා.
එම එළි නිවී නිවී පත්තු වී ඇති බවත් බලසිටින්නන් ඒවා පියාඹන පිරිස ලෙස පැවැසීම පුදුමයක් නොවන බවත්, අත්භූත එළි 4 චතුරශ්‍රාකාරව සිට තනි පෙළට පෙළ ගැසී කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ සිට ඇති බවත් වාර්තා කර තිබුනා.
මෙම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වී ඇති බවත් ඒවා දුටු සමාජ මාධ්‍ය පරිශිලකයන්ද ඉන් කලබලයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කෙසේ වෙතත් විශේෂඥයෝ මේවා පියාඹන පිරිසි එළි නොවන බවට මත පළ කර ඇති අතර හුදෙක් මෙම එළි රාත්‍රී අහසේ දිස්වෙන ඡායාවන් බවත් අත්භූත එළි ඒවා ඡායාරූපගත කළ ඩිගිනස්ගේ කැමරා කාචයේ සෙවනැළි විය හැකි බවත් මත පළ කර තිබෙනවා.
You may like this

