අලි සබ්‍රිගේ කාරක සභා නියෝජනය අත්හිටුවයි - අලුත්ම තීරණය

By Sewvandhi Sep 22, 2023 10:09 AM GMT
Report

පාර්ලිමේන්තුවේ අනුමැතිය මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ කාරක සභා නියෝජනය අත්හිටුවීමේ යෝජනාවට හිමිව තිබේ.

විපක්ෂ නායක මහතා ගෙනා යෝජනාවකට මෙලෙස පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ බවයි, පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මේ වනවිට අලි සබ්‍රි රහීම් මහතා විසින් සිදු කර ඇති නීති විරෝධී විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත විමර්ශනයක් සිදුකිරීම සඳහා යොමු කර ඇත.

රුපියල් මිලියන 74 ක් වටිනා රන් කිලෝ 3.3ක ප්‍රමාණයක් සහ රුපියල් මිලියන 4.2ක් වටින ස්මාට් ජංගම දුරකථන 41 ක් නීතිවිරෝධීව රැගෙන ආ මන්ත්‍රීවරයා සඳහා දඩය රු. මිලියන 7.5 ක් පමණක් අයකරගෙන තිබීමත් රු. මිලියන 80 ක් වටිනා රන් තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ප්‍රංශ ජාතිකයෙකුගෙන් රු. මිලියන 70ක දඩයක් අය කිරීමත් නිසා මන්ත්‍රීවරයා‍ට ලිහිල් දඩයක් නියමකරේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවත් විපක්ෂනායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.