කලා කෙත අස්වැදු තවත් ප්‍රවීණයෙක් දිවිසැරිය නිමා කරයි..
By Sewvandhi
දශක හතරකට වැඩි කලක් ශ්‍රී ලාංකීය සිනමාව පෝෂණය කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් හා අධ්‍යක්ෂවරයෙක් වූ ඇලරික් ලයනල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1978 වසරේදී අනූපමා සිනමා පටය නිෂ්පාදනය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසී ඇලරික් ලයනල් ප්‍රනාන්දු අතිශය ජනප්‍රිය වූ ක්‍රිස්තු චරිතය, කිරිසුවඳ,රන්දම්වැල්, මැවිලා පෙනේවි රූපේ, දළුලන ගිනි, සෙනෙහස පෑවා, ආදර පූජාසනේ, සඳ තාරකා චිත්‍රපට නිෂ්පාදනයෙන් සිනමාව පෝෂණය කළේය.
ඔහුගේ අවසන් කටයුතු 14 වැනි බදාදා සවස නාගොඩ කඳාන රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.