සජබ අපේක්ෂකයෙක් නොසිතූ ලෙස හදිසියේම ජීවිතක්ෂයට..!
Jaffna
SJB
Samagi Jana Balawegaya
Latest Headlines
By Sewvandhi
මෙවර යාපනය දිස්ත්‍රික්කයෙන් සමගි ජන බල වේගය යටතේ මහ මැතිවරණයට තරග කළ ප්‍රධාන අපේක්ෂකයා වන අලගසුන්දර කිරුබාකරන් යාපනය ශීක්ෂණ රෝහලේදී ඊයේ (20) මියගොස් තිබෙනවා.
මිය යන විට ඔහු 44 හැවිරිදි වියේ පසුවුණා. වාර්තා වන්නේ, ඔහු එම පක්ෂයේ යාපනය සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ අතර ඔහු යාපනයේ ඉතා සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ද වන බවයි.
හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මෙවර සමගි ජන බලවේගයෙන් යාපනය දිස්ත්‍රික්කයට ඔහු තරග කළ නමුත් ජයග්‍රහණය කිරීමට නොහැකි වුණා.