උසස් පෙළ විභාගය පිළිබඳ විභාග කොමසාරිස්ගෙන් විශේෂ දැනුම්දීමක්..
By Gagana News
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2024) ජෛව පද්ධති තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු මාර්තු 08 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 75කදී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව ඔහු සඳහන් කර සිටියි.
විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍රයෙහි ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව ඇති අතර, කිසිඳු හේතුවක් මත මෙම දිනය හා ස්ථානය වෙනස් නොකරන බව ද ඔහු ප්‍රකාශ කර සිටියේය.