අකුරේගොඩ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට...

Sri Lanka Police Death Murder
By Parami Dissanayake Aug 18, 2024 06:18 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (18) උදැසන බත්තරමුල්ල, අකුරේගොඩ, අරුප්පිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබුණා.

කළුතර බුලත්සිංහල මාර්ග රැසක් ජලයෙන් යට වේ...

කළුතර බුලත්සිංහල මාර්ග රැසක් ජලයෙන් යට වේ...

ගෙල කපා ඝාතනය කරන ලද අදාළ පුද්ගලයාගේ මළ සිරුර ප්‍රදේශයේ ගරාජයක් අසල තිබී සොයාගෙන ඇති අතර මෙලෙස ඝාතනය කර තිබුණේ 45 හැවිරිදි තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙක්ව ය.

මෙලෙස ඝාතනය සිදු කර ඇත්තේ, මුදල් ආරවුලක් මත බව පොලීසිය පවසන අතර, ඝාතනය සිදුකළ සැකකරු මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙලරුසියා දේශසීමාවට හමුදා බටයින් 120,000ක්...

බෙලරුසියා දේශසීමාවට හමුදා බටයින් 120,000ක්...

ඒ අනුව පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශන වලදී හෙළිවී ඇත්තේ, සැකකරු කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. 

ReeCha