බෙලරුසියා දේශසීමාවට හමුදා බටයින් 120,000ක්...
By Parami Dissanayake
බෙලරුසියාව සහ යුක්‍රේනය සිය දේශසීමාවේ හමුදා ශක්තිය වැඩි කිරීමට කටයුතු කර ඇති අතර,දේශසීමාව ආසන්නයේ හමුදා භටයින් 120,000ක් පමණ ස්ථාන ගත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
බෙලරුසියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ, රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගේ සමීපතමයෙක් වන අතර යුක්‍රේන ක්‍රියාවට ප්‍රතිචාර ලෙස සිය හමුදාවෙන් වැඩි ප්‍රමාණයක් දේශසීමාවේ ස්ථානගත කළ බව ලුකෂෙන්කෝ පවසා ඇත.
කෙසේ නමුත්, බෙලරුසියාවේ වෘත්තීය හමුදාව 48,000ක් පමණ වන අතර දේශසීමා බළකාය භටයින් 12,000කින් පමණ යුක්තය.
යුක්‍රේන හමුදාව මේ වනවිට රුසියාව තුළට ම ගොස් හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එය පුටින් බලාපොරොත්තු නොවූ ආක්‍රමණයක් බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.