ඊළඟ ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ - අකිල විරාජ් කියයි

By Sithumi මාස 1 කට පෙර
Sithumi

Sithumi

Report

මීළඟ ජනාධිපතිවරණයේදීත් රනිල් වික්‍රමසිංහ මහතා ට ජනාධිපතිවරයා වීමේ හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඔහු ඒ බව පැවසුවා. 

 සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම රැස්වීම පැවැත්වුණු අතර ඔහු එහිදී පළ කළ අදහස් පහතින් "ජනාධිපති ධුරය අපි සතුව තිබෙන නිසා පළාත් පාලන මැතිවරණය දින්නත් නැතත් තව අවුරුදු 02කට වැඩි ප්‍රමාණයක් අපේ පක්ෂයේ නායකතුමා තමයි ජනාධිපති වශයෙන් ඉන්නේ." 

"එතුමා ඒ ආර්ථිකය හදලා ප්‍රශ්න ටික විසඳලා ජනතාවට අවුරුද්දක් වගේ ඇතුළත ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළොත් වැඩිය ඕනේ නැහැ.. 

ජනාධිපතිවරණයටම එතුමාට යන්න පුළුවන්කම තියෙනවා." "ආපසු අපි අවුරුදු 10ක් 20ක් අපේ නායකයා.. ජනාධිපතිවරයා වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා."