නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගෙන් විශේෂ ඉල්ලීමක්...

Police Sri Lanka Ajith Rohana
By Aruna Apr 20, 2022 01:17 AM GMT
Aruna

Aruna

Report

රඹුක්කන විරෝධතාවයේ දී ඉන්ධන ලීටර් 30,000ක් අඩංගු බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීම වැළැක්වීමට සහ සිදුවිය හැකි අලාභ හානි නැවැත්වීමට අවම බලය යෙදවීමට සිදු වූ බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසනවා.

එමෙන්ම, ඊයේ (19) දින සිදු වූ කලහකාරී තත්ත්වය යළිත් ඇති නොවීමට වගබලා ගැනීමටත්, කිසිදු ලෙසකින් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයක් වන ඉන්ධන ප්‍රවාහන බවුසර් අවහිර කිරීමට උත්සාහ නොකරන ලෙසත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳ සිය කණස්සල්ල පළ කරන අතර, ප්‍රචණ්ඩත්වය සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට බාධා පමුණුවන බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

යම් හෙයිකින් ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදු වන බවුසර යලි අවහිර වුවහොත්, දිවයින පුරා අඛණ්ඩව සේවාවල නියැලෙන අත්‍යවශ්‍ය ආහාරපාන, ඖෂධ ආදිය ප්‍රමාදවීම්වලට ලක්විය හැකි බවයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now