ඉදිරි දවස් 3න තීරණාත්මකයි (VIDEO)

covid19 isolated ajith rohana quarantine rules illegal business
By Sewvandhi Jun 11, 2021 10:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 1038 දෙනකු හඳුනා ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසුවා.කුලියාපිටිය, රත්නපුර, සහ මාතර යන ප්‍රදේශ වලින් මෙලෙස වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එතුමා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙම සංචරණ සීමා කාලය තුළ දී නිවසටම වී සිටින ලෙසත් නිරෝධායන නීති අනුගමනය කරන ලෙසටත් එතුමා ඉල්ලා සිටි අතර ඉදිරි දවස් තුනක කාලය මේ ආකාරයෙන් ම ක්‍රමානුකූලව ගත කිරීම මගින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව 14 වන දා රට විවෘත කළ හැකි බවත් එතුමා තවදුරටත් පැවසුවා.

එමෙන්ම මෙම සංචරණ සීමා කාලය තුළ දී යම් යම් නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු වන බවත් එතුමා දන්වා සිටියා.එනම් මත්ද්‍රව්‍ය ජාවාරම,නීති විරෝධී හෝටල්,සම්බාහනාගාර මෙන්ම අනවසරයෙන් ගෙනාව oximeter නැමැති උපකරණ තොගයක් ද තමා සතු කරගත් බව එතුමා පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා,



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now