මේ හැක් කිරීම Firewall බිඳ ඇතුළුවීමක් නෙවෙයි,ඉතාම ප්‍රාථමික රැවටීමක් - අජිත් පී. පෙරේරා

Report

මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසන්නේ, මෙය කිසිදු අධි-තාක්ෂණික ක්‍රමවේදයක් (Firewall) බිඳ දැමීමකින් තොරව සිදු වූ ඉතා ප්‍රාථමික මට්ටමේ රැවටීමක් බවයි.

මුදල් අමාත්‍යාංශය තුළ සිටි පළපුරුදු නිලධාරීන් වෙනත් දෙපාර්තමේන්තුවලට මාරු කර ඒ වෙනුවට අත්දැකීම් අඩු නව පිරිසක් පත් කිරීම මෙවැනි වංචාවකට හසු වීමට ප්‍රධාන හේතුව බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, රජයේ මුදල් පාලනය පිළිබඳ බලය ඇති පාර්ලිමේන්තුවට මේ පිළිබඳ කිසිදු දැනුම් දීමක් සිදු නොකර තොරතුරු වසන් කරන බවට ද චෝදනා කර සිටියි.

උණුසුම් තත්ත්වයක් - මුදල් ලේකම්ගේ ගේ ඉස්සරහ උද්ඝෝෂණ කරන්න ගිය සුගීශ්වරට බිත්තර සහ ගොමවලින් ප්‍රහාර

උණුසුම් තත්ත්වයක් - මුදල් ලේකම්ගේ ගේ ඉස්සරහ උද්ඝෝෂණ කරන්න ගිය සුගීශ්වරට බිත්තර සහ ගොමවලින් ප්‍රහාර

සියලුම විදෙස්ගත ජනතාවට රජයෙන් සුබ පණිවිඩයක්

සියලුම විදෙස්ගත ජනතාවට රජයෙන් සුබ පණිවිඩයක්