හිටපු මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව..
By krishani
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
ඒ අද (17) දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ දී ය.
මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ, අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව 2006 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිතාව ලක් කළ බවට චෝදනා කරමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |