මෙරට ප්‍රභලයකු සිය පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වෙයි..?

central bank parliament financial minister ajith nivad kabral
By Sewvandhi Sep 11, 2021 01:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වන අතර ලිපිය ලබන සඳුදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදීමට නියමිත බව වාර්තා වනවා.

ඔහු මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

නැවතත් මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නැයි රජය විසින් ඒ මහතාට කරන ලද ආරාධනයක් පිළිගැනීමට ඔහු මෙසේ ඉල්ලා අස්වනු ඇතැයිද එම වාර්තා කියා සිටියි.

දැනට මහ බැංකුවේ අධිපති ධුරය දරන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සඳහා පත් වනු ඇති බවද එහි සඳහන්ය.

වත්මන් මහ බැංකු අධිපතිවරයා සිය තනතුරෙන් ඉවත් වීමත් සමගම කබ්රාල් මහතා දැනට දරන තනතුරින් ඉවත් වන බව රජයට මේ වන විටත් දැනුම් දී ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් කියා සිටියි.

----------------------------------------------------------------------

You may like this video....

යුධ හමුදාපති හදිසියේම සිදු කළ ප්‍රකාෂය-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now