“නයිට් ක්ලබ් ලැගලා අහුවෙලා බේරගත්තු මටද මෙහෙම කරන්නේ ” අජිත් ආයෙත් ඇවිලෙයි (VIDEO)
අජිත් මුතුකුමාරණ කියන්නේ සංගීත ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය දක්ෂ ගායන ශිල්පියෙක්.ඔහු ගායනා කරන ලද ගීත අදටත් රසිකයා හට මිහිරි මතක ගෙන දෙනවා.සුදු අරලියා මල,මා පැලදුව ඔය මංගල තැල්ල ආදී ගීතයන් අදටත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම තිබෙන ගීතයන් වනවා.
අජිත් මුතුකුමාරණ පළමු වරට විවාහ වී දරුවන් ද සිටින අතර ඉන්පසු එම විවාහය අත්හැර කේ සුජීවා නම් ජනප්‍රිය ගායන ශිල්පිනිය සමඟ විවාහ දිවියට එළඹෙනවා.k සුජීවා කියන්නෙත් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක්.ඉතින් කේ සුජීවාත් සමග ටික කලක් සාර්ථකව සතුටින් විවාහ ජීවිතය ගත කළත් ඉන්පසු එම විවාහය ද දෙදරා ගියා.
ඉතින් මේ දිනවල දී අජිත් මුතුකුමාරණ පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක්වෙනවා.ඒ කේ සුජීවා සහ ඇයගේ දියණිය වන අංජලී පැවසූ එක්තරා ප්‍රකාශයකට පිළිතුරු ප්‍රකාශයක් දෙමින් අජිත් මුතුකුමාරණ තැබූ වීඩියෝවක් හේතුවෙනි.ඉතින් එම වීඩියෝවේ බොහෝ දේවල් පිළිබඳව සඳහන් කරන ඔහු ඉන්පසු එම වීඩියෝවට යටින් ආයෙමත් සැර ප්‍රකාශයක් කමෙන්ට් කරලා තිබුනා.ඒ තමයි,
“මේවා දාන්න කමක් නැහැ. ඔයාගෙ චැනල් එකේම මමත් එන්නම් ඔය අම්මටයි දුවටයි වටේම ඉන්න අයටයි එන්න කියන්න මම එක රුපියලක් ගත්තා නම් එයාලගේ card එකකින් උත්තර දෙන්නම්. මට අනුන්ගේ සල්ලි ඕනෙ නැහැ කවදාවත්. තියන්න live එකක් එන්නම් කියන්න තියෙන ඔක්කොම අරන් එන්න කියන්නකෝ.
ගම්පහට මොකද උනේ දැන් කෝ එයා. එයා ඉන්දියාවේ කියන්නේ කවුද මම කියන්නම් විස්තර ඇතුව මගේ band එක විනාශ ම කරලා night club ගිහින් පොලිසි වල ලැගලා ඔක්කොම බේරපු මට දැන් කරන්න ලෑස්තිය.මම එන්නම් කියන්න විවෘතව එන්න ඕන දවසයි, වෙලාවයි, එඩිට් බැහැ. Live යමු අම්මලා දුවලා එන්න කියන්න මම ok. ඔය කියන ඔක්කොම පට්ටපල් බොරු.
බුදුරජාණන් වහන්සේගේ ධාතු ගෙදරට වැඩිය කියන මන්ද මානසික පවුලක් නේ ඔය. වෙලාව කියන්න මම එනවා. “
තමයි ඔහු එම කමෙන්ට් එකේ සඳහන් කරලා තිබුණෙ.ඉතින් මෙම ප්‍රකාශයෙහි සත්‍ය අසත්‍යතාව කුමක් වුවත් අජිත් මුතුකුමාරණ සහ කේ සුජීවා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය ගායන ශිල්පීන් දෙපලක්.ඉතින් ඔවුන්ගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.