සජින් වාස් අල්ලස් කොමිසමට කැදවයි
By Malith Madushan
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (27) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
අල්ලස් කොමිසම මඟින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව, සජින් වාස් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති අතර, ෂැන්ග්‍රිලා හෝටලය පිහිටි ඉඩම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන් වේ.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද අද දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අද දිනයේ පැමිණීමට නොහැකි බව විපක්ෂ නායකවරයා විසින් අල්ලස් කොමිසම වෙත දැනුම් දී ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.