යුධ ගැටුම් නිසා රටවල් දෙකක ගුවන් කලාප වැසේ

Report

ඉරාන - ඊශ්‍රායල යුධ ගැටුම් තත්ත්වය නිසා සිරියාව සහ ජොර්දානය තම ගුවන් අවකාශ වසා දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා විය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සිරියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ තම තාක්ෂණික සහ පරිපාලන කණ්ඩායම් කලාපයේ වර්ධනයන් අඛණ්ඩව නිරීක්ෂනය කරමින් සිටින නිසා තම ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

එසේම මෙම ගුවන් කලාපය වසා දැමීමත් සමග ඩැමස්කස්, සනාස් සිරියානු ගුවන් සේවය මඟින් අද (15) දින ගුවන්ගත කිරීමට නියමිත සෑම ගුවන් ගමනක්ම අත්හිටුවන බව ද නිවේදනය කර තිබෙනවා.

තවදුරටත් එම ගුවන් සේවය පවසා ඇත්තේ මගීන්ගේ සහ ගුවන් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් අදාළ සිවිල් ගුවන් සේවා බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් ගුවන් ගමන් අත්හිටුවීම නැවත දැනුම්දෙනතුරු දිගටම පවතින බවයි.

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

එමෙන්ම තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන යළි වතාවක් තම ගුවන් අවකාශය වසා දැමීමට ජෝර්දානය කටයුතු කර තිබෙන බව ද වාර්තා වේ.

ඒ අනුව අම්මාන් - සිවිල් ගුවන් සේවා නියාමන කොමිසම සඳහන් කළේ පැමිණෙන සහ පිටතට ගමන් කරන සියලුම ගුවන් යානා සඳහා ජෝර්දාන ගුවන් කලාපය වසා දමා ඇති බවයි.

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

තවද පවතින යුධ ගැටුම් නිසා පූර්ව ආරක්ෂාවක් වශයෙන් සිකුරාදා ගුවන් අවකාශය තාවකාලිකව ජෝර්දානය වසා ඇත.

එහෙත් ඊයේ (14) දින නැවත එය විවෘත කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන යළි දැනුම් දෙනතුරු එම ගුවන් කලාපය ද වසා දැමීමට ජෝර්දානය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?