ඉහළ අහසේදී ගුවන් යානයක් අනතුරට ලක්වෙයි..මඟීන් ඉහල අහසේදීම සිහිසුන් වෙයි(PHOTOS).
By Aruna
හවායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉහළ අහසේ දී වායු කැලඹීමකට ලක්වීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් අතරින් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකාවේ ෆීනික්ස් සිට හොනලූලූ දක්වා පියාසර කරමින් තිබු ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.
ඉහළ අහසේ දී එක වරම වායු කැලඹීමකට හසුව තිබුණේ ගුවන් යානය හොනලූලූ වෙත ගොඩබෑමට මිනිත්තු 30ක් පමණ තිබිය දීයි.
ගුවන් යානයේ සිටි මගීන්ගෙන් වැඩි දෙනෙකුගේ හිසට තුවාල සිදුවී ඇති අතර කිහිපදෙනෙකු සිහිසුන්ව ඇද වැටී ඇති බවද වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |




