රන් භාණ්ඩ තොගයක් සමඟ දෙදෙනෙක් කොටු කර ගනී.(PHOTOS)
ව්‍යාපාරිකයන් දෙදෙනෙක් විසින් ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එමින් සිටිය දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස සොයාගත් ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් පමණ වන බවයි වාර්තා වන්නේ.
ස්වර්ණාභරණ තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.
මොවුන් සම්බන්ධව අනාවරණය වී ඇත්තේ, නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් විදේශ රටවලින් භාණ්ඩ රැගෙන විත් අලෙවි කරන බවටයි.
මොවුන් දෙදෙනා ඊයේ (10) අලුයම 02.20ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට, ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් විසින් ගමන් මළු තුළ මෙම කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 780ක් බරැති ස්වර්ණාභරණ තොගය සඟවා රැගෙන ගෙන විත් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
මෙලෙස සොයාගත් ස්වර්ණාභරණ තොගය වැඩිදුරට විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර තිබේ.




