ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් පන්තියේ සිසුවියන්ගේ ෆොටෝ AIවලින් නිරුවත් ක‍රලා - විදුහල්පතිත් ෆෝන් එක හංගන් ඉද්දි අත්අඩංගුවට

Report

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය අවභාවිත කරමින් සම වයසේ පාසල් සිසුවියන් තිදෙනකුගේ ඡායාරූප නිරුවත් ඡායාරූප බවට පත් කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් බාලවයස්කාර පාසල් සිසුවාට සහ අඳාළ අපරාධය වසන් කරමින් ඊට ආධාර අනුබල දුන් බව කියන විදුහල්පතිවරයාට විරුද්ධව නිකවැරටිය මහෙස්ත්‍රාත් චාන්දන ලියනගේ මහතා විසින් අධිකරණයේදී නිල වශයෙන් චෝදනා පත්‍ර කියවා භාර දී ඇත.

ඒ අනුව නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 14 සහ 15 යන වියෙහි පසුවන දැරියන් තිදෙනකු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බව වාර්තා වේ.

අඳාළ සිද්ධියට ප්‍රධාන සැකකරු වන පාසල් සිසුවා විසින් එම දැරියන්ගේ ස්වාභාවික ඡායාරූප ලබාගෙන, ඒවා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මඟින් විකෘති කරමින් නිරුවත් ඡායාරූප බවට පත් කර තම ස්මාර්ට් ජංගම දුරකථනයේ ගබඩා කරගෙන සිට බවට අධිකරණයේදී හෙළිව ඇත.

පෙර පාසල් දරුවන්ට ආයේ මේවා කරලා අහුවෙන්න එපා - ජාත්‍යන්තර පෙර පාසලක ගුරුවරියක් කරපු දේ නිසා විමර්ශන

පෙර පාසල් දරුවන්ට ආයේ මේවා කරලා අහුවෙන්න එපා - ජාත්‍යන්තර පෙර පාසලක ගුරුවරියක් කරපු දේ නිසා විමර්ශන

එහිදී මෙහි දෙවැනි සැකකරු වශයෙන් නම් කර ඇති විදුහල්පතිවරයා අදාළ සිසුවාගේ ජංගම දුරකථනය සිය භාරයට ගෙන තිබෙන අතර, ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමකින් තොරව සිද්ධිය සමථයකට පත් කළ බව කියමින් මාසයකට අධික කාලයක් එම දුරකථනය නීතිවිරෝධී ආකාරයට තමා සන්තකයේ තබා ගෙන සිට ඇති බව සඳහන්.

මේ අතර තමන්ට එරෙහිව එල්ල වී ඇති එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බවට සැකකාර සිසුවා සහ විදුහල්පතිවරයා ඔවුන්ගේ නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී ඇත. නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ අඳාළ සැකකරුවන් දෙදෙනා, මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග මත මේ වන විට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

එමෙන්ම එම ඇපකරුවන් සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවට ද අධිකරණයෙන් නියම කර තිබූ බව සඳහන්.

පා. ම රාධක්‍රිෂ්ණන් කනේ ඇඟිලි ගහගන්න අහපු ප්‍රශ්නෙන් පාර්ලිමේන්තුවම නිශ්ශබ්ද වෙයි - ඉක්මනට තොරතුරු හොයන බවට ආණ්ඩුවෙන් සහතිකයක්

පා. ම රාධක්‍රිෂ්ණන් කනේ ඇඟිලි ගහගන්න අහපු ප්‍රශ්නෙන් පාර්ලිමේන්තුවම නිශ්ශබ්ද වෙයි - ඉක්මනට තොරතුරු හොයන බවට ආණ්ඩුවෙන් සහතිකයක්

චෝදනා කියවා දීමෙන් පසුව මෙම නඩුව එළඹෙන මැයි මස 14 වැනිදා විභාගයට ගැනීමට තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා, එදිනට සාක්ෂිකරුවන්ට ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

එසේම සැකකරුවන්ට එරෙහිව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 286, 351 සහ 346 යන වගන්ති යටතේ නඩු පවරා තිබෙනවා.

එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් චාමින්ද මහතා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා අඳාළ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මේ අතර පැමිණිල්ල සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ජේ.ඒ.එන්.ඩී. සුමනදාස මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

එමෙන්ම විත්තිකරුවන් සඳහා නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි බව වාර්තා වේ.

කෙසේ වෙතත් නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාල්ලගේ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ලොවම කළඹපු මරණය, ඉරානයේ අලී කමේනිගේ දේහය උපන් බිමේම මිහිදන් කරන්න යයි - දැවැන්ත සමුගැනීමේ උත්සවයක්

ලොවම කළඹපු මරණය, ඉරානයේ අලී කමේනිගේ දේහය උපන් බිමේම මිහිදන් කරන්න යයි - දැවැන්ත සමුගැනීමේ උත්සවයක්

අධ්‍යයන වීසා නිකුත් කිරීම නවතා දැමීමට එක්සත් රාජධානිය තීරණය කරයි

අධ්‍යයන වීසා නිකුත් කිරීම නවතා දැමීමට එක්සත් රාජධානිය තීරණය කරයි